සේවකයින් මර්ධනය කරමින් ශ‍්‍රී ජයවර්ධනපුර රෝහල තුළ ගෙනගිය අත්තනෝමතික පාලනය නතර කරමින් එහි අධ්‍යක්‍ෂකවරයා ඉවත්කිරීමට නියෝග කරමින් නඩු තීන්දුවක් ලබා ගැනීමට සමත් වූ බව සමස්ත ලංකා සුවසේවා සංගමයේ සභාපති සමන්ත කෝරලේ ආරච්චි මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවේදී අනාවරණය කළේ ය.
ශේෂ්ඨාධිකරනයේ අංක CA184/2018 යටතේ විභාග වු නඩුවට අදාළ තීන්දුව ප්‍රකාශ කරමින් සති 04ක් ඇතුලත නව අධ්‍යක්ෂවරයකු පත්කර ගැනීම සදහා සම්මුඛ පරීක්ෂණ කැදවන ලෙසත් ඒ සම්බන්ධව අගෝස්තු 31 දිනට උසාවියට කරුණු වාර්තා කරන ලෙසත් නියෝග ලබා දීඇත.
එහිදී සමස්ත ලංකා සුවසේවා සංගමයේ සභාපති සමන්ත කෝරලේ ආරච්චි මහතා සඳහන් කළේ මෙම අධ්‍යක්‍ෂවරයා වෘත්තීය සමිති නියෝජිතයන්ට එරෙහිව දේශපාලන උවමනාවන් මත බලපෑම් කිරීම හා අත්තනෝමතික ලෙස වෘත්තීය සමිති නායකයින් දඩයම් කිරීම සිදු කළ බවත් මෙම නඩු තීන්දුව ලබා ගැනීම ඊට එරෙහිව වෘත්තීය සමිති මගින් ගෙන ගිය අරගලයේ ප්‍රතිඵලයක් බවත් ය.
මෙම මාධ්‍ය හමුව සඳහා සමස්ත ලංකා සුවසේවා සංගමයේ ලේකම් මහින්ද ගුරුගේ, ශ‍්‍රී ජයවර්ධනපුර රෝහල් සංවිධායක චන්දන ජයලත් යන මහත්වරුන්ද එක්වී සිටියහ.










