ලක්ෂ 47ක මත්ද්‍රව්‍ය සමඟ ලාංකිකයෙක් රටට ඇතුළුවීමේදී අත්අඩංගුවට

ලක්ෂ 47ක මත්ද්‍රව්‍ය සමඟ ලාංකිකයෙක් රටට ඇතුළුවීමේදී අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 47ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් චෙන්නායි සිට නීතිවිරෝධී ලෙස රැගෙන පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (28) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් මෙරටට ඇතුළුවීමට උත්සාහ කිරීමේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද  අලුයම 1.57ට ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ස්පයිසි ජෙට් ගුවන් සේවයේ යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ මොහු කන්කසන්තුරෙයි, මයිලඩි උතුර ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක හෙරොයින් ග්රෑම් 320ක්, මෙතැම්පටමයින් (අයිස්) ග්රෑම් 52ක් සහ හෂීස් ග්රෑම් 230ක් සගවා තිබියදී ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම පුද්ගලයා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර, දින 07ක කාළයක් රඳවා ගෙන ප්‍රශ්න කිරීම සදහා අවසර ලබා ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් කටයුතු කර ඇත.

Facebook
Twitter
LinkedIn