මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සහ කරූ ජයසූරිය මහතා අතර පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (28) පෙරවරු 10ට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන බව වාර්තා වේ.
ඉක්මනින් පළාත් සභා මැතිවරණය කැඳවා ගැනීම තම අපේක්ෂාව බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසූවේ යැයි පසුගියදා දේශපාලන පක්ෂ නියෝජිතයින් සභාපතිවරයා හමුවීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර තිබිණි.
ඒ අනුව පළාත් සභා මැතිවරණය කඩිනම් කිරීමට පාර්ලිමේන්තුවේ ක්‍රියාවලිය අනුව ගතයුතු ක්‍රියාමාර්ග වේගවත් කර ගැනීම සම්බන්ධයෙන් කතානායකවරයා සමග අද පැවැත්වෙන සාකච්ඡාවට බඳුන්වනු ඇති බව දේශපාලන විචාරකයෝ සඳහන් කරති.
මෙම සාකච්ඡාව සඳහා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, පළාත් සභා සීමා නිර්ණ කමිටුවේ සාමාජිකයින්ද එක්වීමට නියමිත බව වාර්තා වේ.
4










