ඊයේ (27) රුසියාවේ කසාන් ක්‍රීඩාංගනයේ පැවති ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ “එෆ්” කාණ්ඩයේ අවසන් තරඟය වූ ජර්මනිය හා කොරියාව අතර තරඟයෙන් ප්‍රභල ජර්මන් පිල පරදා ගෝල 2-0ක් ලෙස ජය වාර්තා කිරීමට කොරියානු කණ්ඩායමට හැකිවිය.
ඒ අනුව පසුගිය ලෝක ශූරයන් වූ ජර්මන් කණ්ඩායමට පළමු වටයෙන්ම ඉවත් වීමට සිදුවිය.
ජර්මනියට මෙලෙස පරාජයක් හිමිවූයේ වසර 80කට පසුවය. එනම් ලෝක කුසලාන තරඟාවලි 21න් 19ක්ම ක්‍රීඩා කර ඇති ජර්මනිය පළමු වටයෙන්ම ඉවත් වී ඇත්තේ 1938 වසරේදී ය. ඉන්පසු සෑම අවස්ථාවකම දක්ෂතා අතර පැමිණ සිව් වතාවක් ලෝක ශූරයන් ලෙස කුසලානය අත් පත් කර ගැනීමට ජර්මානුවෝ සමත් විය.
මෙක්සිකෝව සමඟ පැවති ආරම්භක තරඟය 1-0ක් ලෙස මෙක්සිකෝ කණ්ඩායම ජයග්‍රහණය කිරීමත් සමඟ ජර්මනිය ආරම්භයේදීම අවදානම් තත්වයකට මුහුණ දුන්නේය. පසුව පැවති තරඟයේ ස්වීඩනයට එරෙහිව ගෝල 2-1ක් ලෙස ජය ගැනීමෙන් අනතුරුව තරඟාවලියේ රැදී සිටීමට තරමක බලාපොරොත්තුවක් හිමි කර ගත්තේය. නමුත් මෙක්සිකෝව සහ ස්වීඩනය අතර තරඟයෙන් ස්වීඩනය ජය ලබා අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමත් සමඟ ජර්මනියට අවසන් 16 අතරට පැමිණීමට කොරියානු කණ්ඩායම පරාජයට පත් කළ යුතුව තිබිණි. නමුත් එය ඊයේ අසාර්ථක වීමත් සමඟ මෙවර ජර්මනියට පාපන්දු ලෝක කුසලානය අහිමි විය.
තරඟය පුරාවට කොරියාවට එරෙහිව ගෝලයක් වාර්තා කිරීමට ජර්මනිය දැරූ උත්සායන් සියල්ල ව්‍යාර්ත විය. 93 වැනි මිනිත්තුවේදී කොරියාව විසින් පළමු ගෝලය වාර්තාකර තරඟය සම්පූර්ණයෙන් කණපිට පෙරලීය. ඉන් නොනැවතී 96වැනි මිනිත්තුවේ දී කොරියාවේ “සොන් හෙයුන්ජ්මින්” ජර්මන් ගෝල රකින්නාද පසුකරයමින් කෙලින්ම දැල වෙත පන්දුව මෙහෙයවා තරඟයේ පළමු ජය වාර්තා කළේය.
තරඟයේ වීරයා වූයේ කොරියානු දැල රකින්නා වූ “ජෝ හියෝන්වෝ” ය.
මෙම තරඟයෙන් ජය ලැබූවද කොරියානු කණ්ඩායම 16 දෙනාගේ වටයට සුදුසුකම් නොලබයි. ඒ අනුව ජර්මනිය හා කොරියාව තරඟාවලියෙන් ඉවත් වන අතර මෙක්සිකෝව සහ ස්වීඩනය අවසන් 16 දෙනා අතරට තේරී පත්විය.
https://youtu.be/1IpGjgzRRCc










