තමාගේත් දරුවන්ගේත් ජීවිත ආරක්ෂා කර දෙන්නැයි එක්නැලිගොඩ මහත්මිය ජනාධිපතිගෙන් ඉල්ලයි

තමාගේත් දරුවන්ගේත් ජීවිත ආරක්ෂා කර දෙන්නැයි එක්නැලිගොඩ මහත්මිය ජනාධිපතිගෙන් ඉල්ලයි

තමන්ගේත් දරුවන්ගේත් ජීවිත ආරක්ෂාව තහවුරු කර දෙන ලෙස මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය පසුගියදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදේශක හිමිනමක් ලෙස කටයුතු කරන උලපනේ සුමංගල හිමියන් ඇතුළු කණ්ඩායම දිගින් දිගටම තමන්ට හා දරුවන්ට සමාජ මාධ්‍ය ඔස්සේ තර්ජනය කරමින් සිටින බව එක්නැළිගොඩ මහත්මිය සඳහන් කරයි. එම බලපෑම් සියල්ල මෙහෙයවන්නා ජනාධිපතිවරයාගේ උපදේශකයෙකු ලෙසද කටයුතු කරමින් සිටින බවද ඇය එහිදී අවධාරණය කර තිබේ.

එමෙන්ම ඇමරිකානු තානාපතිවරයා සම්බන්ධ කරමින් අසත්‍ය ප්‍රචාර සිදුකරමින් තිබෙන බවද එක්නැළිගොඩ මහත්මිය කියා සිටියි. එය රාජ්‍ය තාන්ත්‍රික වශයෙන්ද විශාල හානියක් බව ඇය අවධාරණය කරයි.

ඒ අනුව සංඝ රත්නය විසින් සිදුකරන මෙම නින්දිත ක්‍රියාකලාපය නතර කර තමන්ගේ හා දරුවන්ගේ ගෞරවය හා ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙස ඇය වැඩිදුරටත් සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn