ඉන්ෆ්ලුවෙන්සා යලි හිසඑසවීමේ අවධානමක්

ඉන්ෆ්ලුවෙන්සා යලි හිසඑසවීමේ අවධානමක්

ඉන්ෆ්ලුවෙන්සා වෛරස් උණ රෝගය ඉදිරි නොවැම්බර්, දෙසැම්බර් සහ ජනවාරි මාසවලදී නැවත හිස එසවීමේ අවධානමක් පවතින බව ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨයේ මහාචාර්ය ළමාරෝග විශේෂඥ වෛද්‍ය සුජීව අමරසේන මහතා පවසයි.

මැයි සහ ජූනි මාසවලත් නොවැම්බර්, දෙසැම්බර් සහ ජනවාරි මාසවලත් සෑම වසරකම ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්වය පැතිර යන අතර එම තත්වය පසුගිය වසර දහය තිස්සේම පැවති බව වෛද්‍ය සුජීව අමරසේන මහතා පසුගිය 25 ගාල්ල දිස්ත්‍රික් ලේකම් සම්බන්ධීකරණ කමිටුවේදී පැවසීය.

එම මහතා වැඩි දුරටත් පවසා සිටියේ ඉදිරියේ ඇතිවිය හැකි මෙම අවධානම් තත්වයට පසුගිය කාල වකවානුව තුළ උගත් පාඩම් තුළින් මුහුන දිය යුතු බවයි. ඒ සඳහා වාර්තාවක් සකස්කර දේශපාලන අධිකාරියටත් සෞඛ්‍ය අමාත්‍යාංශයටත් ලබා දීමට කටයුතු කරන බව ද ඒ මහතා පැවසීය.

Facebook
Twitter
LinkedIn