එළවළු මිල ගණන් ඉහළට

එළවළු මිල ගණන් ඉහළට

දේශීය වෙළඳපොළ තුළ එළවළු මිල ගණන් ඉහල ගොස් තිබේ. දිවයින පුරා පසුගිය දිනවල පැවති අයහපත් කාළගුණය හේතුවෙන් මෙම තත්වය උද්ගත වී ඇතැයි වෙළදුන් පවසති.

පසුගිය දිනවල පැවති අයහපත් කාළගුණය හේතුවෙන් අස්වැන්න බොහෝ ප්‍රමාණයක් විනාශ වීමත් කලට වගාවන්වල නඩත්තු කටයුතු සිදුකර ගැනීමට නොහැකි වීමත් මෙම තත්වය උග්‍ර වීමට හේතුවී ඇත. එසේම වගා සැළසුම් නොමැති වීම මෙසේ වෙළඳපොළ තුළ එළවළු හිඟයක් ඇතිවීමට ප්‍රධාන හේතුවක් වී තිබේ.

දැනට වෙළඳපොළට එළවළු ලබා දීම වැලිමඩ සහ වැල්ලවාය ප්‍රදේශවලින් පමණක් සිදුවන බව වෙළඳුන් පෙන්වා දෙයි.

ඒ අනුව වෙළඳපොළේ එළවළු කිලෝවක නව සිල්ලර මිල ලෙස, මාලු මිරිස් රු.560, ලීක්ස් රු.280, ගෝවා රු.160, බණ්ඩක්කා රු.120,  තක්කාලි රු.240, අමුමිරිස් රු.400ක්  අලෙවි විය.

එසේම මෙම මිල ඉහල යාම හේතුවෙන් පාරිභෝගිකයින් එළවළු මිලදී ගැනීම ඉතා අඩුවී ඇතැයි වෙළඳ ප්‍රජාව වැඩි දුරටත් පෙන්වා දෙයි.

Facebook
Twitter
LinkedIn