16යේ දේශපාලනය ගැන සෑහීමකට පත් වෙන්න බෑ

16යේ දේශපාලනය ගැන සෑහීමකට පත් වෙන්න බෑ

ශ්‍රීලනිපයෙන් ඉවත් වූ 16 දෙනාගේ කණ්ඩායමේ ක්‍රියාකලාපය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති හිටපු අමාත්‍ය ඩබ්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා පවසයි.

තමාද එම කණ්ඩායමේ සාමාජිකයෙක් වුවද පක්ෂ නායකයින් පමණක් හමුවී සාකච්ඡා පැවැත්වීම ප්‍රමාණවත් නොවන බව තම අදහස බව එම මහතා ප්‍රකාශ කර සිටියේය.

එම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ 16 කණ්ඩායමට විශේෂ වූ දේශපාලනයක් තිබීම හෝ වෙනත් පක්ෂයකට සම්බන්ධ වී එම පක්ෂයේ දේශපාලන ප්‍රතිපත්ති සමඟ සිටිමින් දේශපාලනය කළ යුතු බවයි.

එසේම කණ්ඩායමේ යෝජනාවක් අනුව ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ වී ඔවුන් සමඟ කටයුතු කිරීමට තීන්දු වී ඇති බවත් ඒ අනුව කටයුතු කිරීමට බලාපොරොත්තුවන බවත් පැවසීය.

Facebook
Twitter
LinkedIn