ශ්‍රීලනිපයෙන් ඉවත්වූ 16 විමල් හමුවෙයි

ශ්‍රීලනිපයෙන් ඉවත්වූ 16 විමල් හමුවෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වූ 16 දෙනාගේ කණ්ඩායම පසුගිය දා(26) ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා හමුවී තිබේ.

ජාතික නිදහස් පෙරමුණ වෙනුවෙන් එහි නායක විමල් වීරවංශ, ජාතික සංවිධායක ජයන්ත සමරවීර, ප්‍රධාන ලේකම් නීතිඥ කපිල ගමගේ, අධ්‍යාපන ලේකම් දීපාල් ගුණසේකර, ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල්, නියෝජ්‍ය ලේකම්වරු වන නිමල් පියතිස්ස, සමන්සිරි හේරත්, දේශපාලන මණ්ඩල සභික උදයශාන්ත ගුණසේකර යන මහත්වරු මෙම සාකච්ඡාවට එක්ව සිට ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 කණ්ඩායම නියෝජනය කරමින් හිටපු අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රෙමජයන්ත, ජෝන් සෙනවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, දයාසිරි ජයසේකර, චන්දිම වීරක්කොඩි, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ඩිලාන් පෙරේරා, අනුරාධ ජයරත්න, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, තිලංග සුමතිපාල යන මහත්ම මහත්මීහු එක්වී තිබේ.

ශ්‍රීලනිප 16 කණ්ඩායමේ නියෝජිතයින් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයට ගොස් මෙම සාකච්ඡාව සිදු කර තිබේ.

එහිදී එම නියෝජිතයින් පවසා ඇත්තේ 2020 ජනාධිපතිවරණය සඳහා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ද විපක්ෂය ඉදිරිපත් කරන ඕනෑම අපේක්ෂකයෙකුට තම කණ්ඩායම සහය දක්වන බවය.

Facebook
Twitter
LinkedIn