බැඳුම්කර බෑනාගෙන් සූජීව සේනසිංහටත් රු. මිලියන 03ක්

බැඳුම්කර බෑනාගෙන් සූජීව සේනසිංහටත් රු. මිලියන 03ක්

බැඳුම්කර වංචාවට සම්බන්ධ පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම් සමූහයේ සහෝදර සමාගමක් වන ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමෙන් රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතාටද රුපියල් මිලියන 03ක් ලබා දී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (07) අධිකරණයට දැනුම්දී තිබේ.

එම ඇමතිවරයාට රුපියල් මිලියනය බැගින් චෙක්පත් තුනක් ලැබී ඇති බවත් එම චෙක්පත් රාජ්‍ය ඇමතිවරයාගේ ආරක්ෂක නිලධාරියෙකු මගින් මාරු කර ඇමතිවරයා ලබා ගත් බවට එම ආරක්ෂකයා අනාවරණය කර ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිට ඇත.

Facebook
Twitter
LinkedIn