සංවර්ධනයේ මුවාවෙන් නකල්ස් විකිණීම වහාම නවත්වන්න

සංවර්ධනයේ මුවාවෙන් නකල්ස් විකිණීම වහාම නවත්වන්න

වතුවල අක්කර විසි එක් දාහක් සංවර්ධනය කිරීමටය කියා පෞද්ගලික අංශයට පැවරීමේ වැඩ පිළිවෙලක් දැනට ක්‍රියාවට නැංවෙන බවත් මේ තුළ මධයම කඳුකරය තුළ ඇති ජල මූලාශ්‍ර සියල්ල විනාශ වී ඉදිරියේදී විශාල ප්‍රශ්නයක් ඇතිවන නිසා වහාම එම ක්‍රියාව නතර කරන ලෙස රජයට බලකරන බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික ගමගෙදර දිසානායක මහතා පවසයි.

මාධ්‍යවලට නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා එම ඉල්ලීම කරයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් දිසානායක මහතා මේසේ පැවසීය.

“ රාජ්‍ය වැවිලි සංස්ථාව සතු රත්තොට හා පාතදුම්බර මැතිවරණ  බලප්‍රදේශවල පිහිටි රාජ්‍ය වතු 12ක හෙක්ටයාර් 6192ක් හා ඇල්කඩුව වතු සමාගම සතු මාතලේ දිස්ත්‍රික්කයේ වතු 10ක හෙක්ටයාර් 2363කුත් මේ යටතේ පෞද්ගලික අංශයට දෙන්න පිඹුරුපත් සකස් කරගෙන යනවා. මේ වතු 22න් 10ක්ම අයිති වන්නේ රත්තොට ආසනයට. ඉහත ආයතනවලට අයත් ඉඩම් වලින් 70%ක්  පමණ ප්‍රමාණයක් මෙලෙස විකුණන්න යනවා. නකල්ස් කඳු වළල්ල තියෙන්නේ මහවැලි ගඟේ අතු ගංගාවන හුළු ගඟ, සුදු ගඟ ඇතුලු ගංගා කිහිපයක ජල පෝෂක ප්‍රදේශයයි. 2005දී රජය විසින් දැඩි ආරක්ෂක වනාන්තරයක් ලෙස ප්‍රකාශයට පත් කළ මේ කඳු වළල්ල 2010දී ලෝක උරුමයක් වුණා.”

“1950 ප්‍රකාශයට පත් කළ පාංශු සංරක්ෂණ පනත, වන සංරක්ෂණ ආඥා පනත හා ජාතික  පාරිසරික පනත ආදී පනත් මගින් ආරක්ෂා කර ඇති මේ ප්‍රදේශ මෙලෙස විකුණන්න යෑම ඉහත අණ පනත් අමු අමුවේ උල්ලංඝනය කිරීමක්. මේ තුළ නකල්ස් කඳුවැටියේ ජල පෝෂක විනාශ වී විශාල ජල හිඟයක් ඇතිවන අතර වසර 200ක් පමණ මේ වතු වල දිවි ගෙවූ ජාතික ආර්ථිකයට දායක වූ වතු කම්කරු පවුල් දහස් ගණනකට යනෙන මං නැති වෙනවා. අපි මේක පාර්ලිමේන්තුව දක්වා ගෙනයනවා.”

 

Facebook
Twitter
LinkedIn