කෝප් කමිටුවේ නව සභාපතිවරයා ලෙස සුනිල් හඳුන්නෙත්ති පත්වේ

කෝප් කමිටුවේ නව සභාපතිවරයා ලෙස සුනිල් හඳුන්නෙත්ති පත්වේ

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපති ධූරයට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පත්වී තිබේ.

08 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසි වාරය ආරම්භවීමෙන් පසු  කෝප් කමිටුව අද පස්වරුවේ රැස්වූ අතර එහි නව සභාපතිවරයා ලෙස හිටපු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතාම පත් වී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

මහ බැංකු බැදුම්කර වංචාව ඇතුළු බොහෝ රාජ්‍ය ආයතන සම්බන්ධ දූෂණ වංචා රැසක් හෙලිකර ගැනීමට සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සභාපතීත්වයෙන් යුත් පසුගිය කෝප් කමිටුවට හැකිවිය. මේ අනුව එම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට හැකිවෙතැයි බොහෝදෙනෙකු අදහස් පල කරයි.

Facebook
Twitter
LinkedIn