ස්පාඤ්ඤයේ නව රජය පිහිටුවූ සමාජවාදී පක්ෂය විද්‍යා අමාත්‍යවරයා ලෙස එරට ප්‍රථම අභ්‍යවකාශගාමියා වන පෙඩ්රෝ ඩුකේ පත්වී ඇතැයි වාර්තා වේ.
2003 වර්ෂයේදී අවසන්වරට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මෙහෙයුමක් සඳහා ගුවන්ගත වූ ඩුකේ මේ වනවිට 55වන වියේ පසුවෙයි.
ඔහු ප්‍රථම වරට අභ්‍යවකාශගතවී ඇත්තේ 1998 වර්ෂයේදීය. අභ්‍යවකාශ ඉංජිනේරුවකු ලෙස සේවය කර ඇති ඩුකේ දරු තිදෙනකුගේ පියෙකි.
ස්පාඤ්ඤයේ නව කැබිනට් මණ්ඩලයට අමාත්‍ය ධුර සඳහා 17 දෙනෙකු පත් කර ඇති අතර ඉන් 11 දෙනෙකුම කාන්තාවෝ වෙති.
මානව හිමිකම් සහ ත්‍රස්තවාදී ක්‍රියා පිළිබඳ ක්‍රියාකාරිකාවක එරට අධිකරණ ඇමති ලෙස පත් කර ඇත. මාධ්‍යවේදියෙකු මෙන්ම ලේඛකයෙකු වන මැක්ස්කිම් යුරේටා සංස්කෘතික සහ ක්‍රීඩා ඇමති ලෙස පත් කර ඇත.


6









