ලංකා විදුලි බල මණ්ඩලයේ වංචා හා දූෂණවලට එරෙහිව සහ සේවක අයිතිවාසිකම් වෙනුවෙන් හඩ නැගූ වෘත්තීයසමිති නායකයින්ට අසාධාරණ ලෙස පනවා ඇති වැඩ තහනම ඉවත්කර ගැනීමට කටයුතු නොකරන්නේ මැන්දැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, ජවිපෙ නායක අනුර දිසානායක මහතා අද (07) පාර්ලිමේන්තුවේදී විදුලි බල අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර සිටියේය.
එමෙන්ම මෙම වෘත්තීය සමිති නායකයින්ට එරෙහිව විනය ක්‍රියා පටිපාටිය අනුව කටයුතු කරන්නේනම් එය කඩිනම් නොකරන්නේ මන්දැයි එහිදී අනුර දිසානායක මහතා ප්‍රශ්න කර සිටියේය.
මෙයට පිළිතුරු දුන් නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා සඳහන් කර සිටියේ එම විනය පරීක්ෂණ කඩිනම් කිරිම සඳහා වැඩ තහනමට ලක්ව ඇති වෘත්තීය සමිති නායකයින්ගේද අනුමැතිය ඇතිව කාලරාමුවක් සකස් කර ඇති බවත් ඒ අනුව ඉදිරියේදී ආදාළ විනය පරීක්ෂණ කටයුතු කඩිනම් කරන බවත් ය.
1










