ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුතු කොරියානු නායක කිම් ජොන් උන් අතර හමුව සිංගප්පූරුවේ සෙන්ටෝසා දිවයිනේ පිහිටි හෝටලයකදී සිදුවීමට නියමිත බව ධවල මන්දිරය තහවුරු කර ඇත.
මේ බව ප්‍රකාශ කර ඇත්තේ ධවල මන්දිරයේ ප්‍රවෘත්ති ලේකම් සාරා සැන්ඩර්ස් විසින් පලකරනු ලැබූ ට්විටර් පණිවිඩයක් මගිනි.
මේ වන විට නිවේදනය කර ඇති පරිදි මෙම මස 12වනදා දෙරට රාජ්‍ය නායකයෝ පළමු වතාවට සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
සුකෝපභෝගී හෝටල්, පෞද්ගලික වරාය සහ ගොල්ෆ් ක්‍රීඩාංගන සහිත හෙක්ටයාර් 500ක භූමි ප්‍රමාණයක් සෙන්ටෝසා දිවයිනට අයත් වේ.
නමුත්, දැනට පෙනෙන්නට ඇති පරිදි ජනාධිපති ට්‍රම්ප් මීට පෙරද නවාතැන් ගත් ශැන්ග්‍රි-ලා (Shangri-La) හෝටලයේ නැවතීමට ඉඩ තිබේ. උතුරු කොරියානු නායකයා බොහෝ විට ශාන්ත රෙගිස්හි (St Regis) නවතිනු ඇති බව The Straits Times පුවත්පත වාර්තා කරයි. මෙම හෝටල් දෙකම සුප්‍රකට සාප්පු සංකීර්ණ පිහිටි ඕචර්ඩ් මාර්ගයට ආසන්නව ප්‍රධාන දූපතෙහි පිහිටා ඇත.ෙ
මෙම දිවයින තෝරාගැනීමට හේතුවූ ප්‍රධාන කරුණ ආරක්ෂාව වේ. දිවයිනට පිවිසීම ඉතා පහසුවෙන් පාලනය කළ හැකි වීම එයට හේතු වී තිබේ.












