නව නියෝජිතයන් දිවුරුම් දීමේදී මහරගම නගර සභාවේ උණුසුම් තත්වයක්

නව නියෝජිතයන් දිවුරුම් දීමේදී මහරගම නගර සභාවේ උණුසුම් තත්වයක්

පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී මහරගම නගර සභාව සඳහා බයිසිකලය ලකුණින් තරඟකර තේරීපත් වූ මන්ත්‍රීවරියන් 6 දෙනෙකු වෙනුවට පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කර ප්‍රතික්ෂේපිත ලැයිස්තුවේ සිටි කාන්තා නියෝජිතයන් 6 දෙනෙකු දිවුරුම්දීම හේතුවෙන් මහරගම නගරසභාව තුළ අද(7) උනුසුම් තත්වයක් ඇතිව තිබේ.

පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කරනලද අපේක්ෂක ලැයිස්තුව ප්‍රතික්ෂේප වීමත් සමඟ බයිසිකලය ළකුණින් ඉදිරිපත්වූ ස්වාධීන කණ්ඩායමට සහය ලබා දෙන බවත් දිවුරුම් දීමේදී නැවත ස්වාධීන කණ්ඩායමේ නියෝජිතයන් ඉල්ලා අස්වී ඒ වෙනුවට පොදුජන පෙරමුණේ නියෝජිතයන් ස්ථාපිත කරන බවටත් එම පක්ෂය හා බයිසිකලය කණ්ඩායම එකඟතාවකට පැමිණ තිබුණි.

බයිසිකලය ළකුණින් ජයග්‍රහණය කළ නියෝජිතයන් මන්ත්‍රී ධූරවලින් ඉවත් වීමට එකඟතාව පළනොකිරීමත් සමඟ මෙම උනුසුම් තත්වය හටගෙන ඇතැයි වාර්තා වේ. කෙසේ වෙතත් ස්වාධීන කණ්ඩායමෙන් තේරීපත් වූ කාන්තා නියෝජිතවරියන් 6 දෙනෙකු ඉල්ලා අස්වී ඇති අතර කාන්ති කොඩිකාර ඇතුළු පොදුජන පෙරමුණේ කාන්තා නියෝජිතයන් හය දෙනෙකු ඒ සඳහා දිවුරුම් දී ඇතැයි වාර්තා වේ.

පසුගිය පලාත් පාලන මැතිවරණයේදී බයිසිකලය ළකුණින් තරඟකළ ස්වාධීන කණ්ඩායමට ආසන 25ක් ද එක්සත් ජාතික පක්ෂයට ආසන 11ක් ද එක්සත් ජනතා නිදහස් සන්ධානයට හා ජනතා විමුක්ති පෙරමුණට ආසන 5 බැගින් ද ස්වාධීන කණ්ඩායම් 1 ට එක් ආසනයක් ද හිමිවිය.

Facebook
Twitter
LinkedIn