ස්මාර්ට් ජංගම දුරකථන භාවිත කරමින් මාර්ගවල ගමන් ගන්නා පුද්ගලයින් හට විශේෂ මන්තීරුවක් උතුරුදිග චීනය විසින් හඳුන්වා දී තිබේ.
ජංගම දුරකතන භාවිත කරමින් ගමන්ගන්නා පදිකයින්ගේ ආරක්ෂාව පිණිස මෙම පියවර ගෙන තිබෙන බව එරට මාධ්‍ය වාර්තාවල දැක්වේ.
උතුරුදිග චීනයේ “ෂී අන්” නගරයේ “යන්තා” වීදියේ මෙම විශේෂ මන්තීරුව ලොව පළමුවරට හඳුන්වා දී තිබේ. රතු, කොළ සහ නිල් පාට තීන්ත ආලේප කර ඇති මෙම විශේෂ මන්තීරුවේ පළල සෙන්ටිමීටර් 80 ක් වන අතර දිග මීටර් සියයකි. එහි ජංගම දුරකථන සළකුණු පින්තාරුකර ඇති අතර සාමාන්‍ය මන්තීරුවලින් වෙන්ව හඳුනාගත හැක.
බොහෝ පිරිස් මෙය ආරක්ෂිත පියවරක් ලෙස දක්වයි. පදිකයන් රිය අනතුරුවලට ලක්වීම හා වෙනත් අනතුරුවලින් වලක්වා ගැනීමට මෙය හොඳ පියවරක් ලෙස ඔවුන් දක්වයි.
චීනයේ තරුණ තරුණියන්ගේ ජීවිත ඉතා වේගවත් බවත් ඔවුන් අනතුරුවලින් ආරක්ෂා කිරීමට හා මනසට විවේකයක් ලබා ගැනීමට මෙය උපකාරීවන බවත් බොහෝ පිරිසකගේ අදහසයි.













