ප්‍රසූත නිවාඩු පියවරුන්ටත් හිමිවිය යුතු බවට ජවිපෙන් යෝජනාවක්

ප්‍රසූත නිවාඩු පියවරුන්ටත් හිමිවිය යුතු බවට ජවිපෙන් යෝජනාවක්

ප්‍රසූත නිවාඩු පියවරුන්ටත් හිමිවිය යුතු බවට යෝජනාවක් ජනතා විමුක්ති පෙරමුණ විසින් ඊයේ (6) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

මව්වරුන් සඳහා මෙතෙක් හිමිවූ ප්‍රසූත නිවාඩුව පියවරුන්ට ද හිමිවිය යුතු බවත් එය දරුවා ඇතුළු පවුල වෙනුවෙන් වන ඉතා මානුෂීය යෝජනාවක් බවත් ඔවුන් කරුණු දැක්වීය.

කාර්යාලයීය සේවකයන් පිළිබඳ සේවය හා වේතන විධිමත් කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත සහ සූතිකාධාර සංශෝධන පනත් කෙටුම්පත ඊයේ පාර්ලිමේන්තුවේදී විවාදයටගත් අවස්ථාවේ මෙම යෝජනාව ඉදිරිපත් විය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්