මහින්දානන්දගේ නඩුව යළි විභාගයට

මහින්දානන්දගේ නඩුව යළි විභාගයට

ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය නැමැති වෘත්තිය සමිතියේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් එම වෘත්තීය සමිතියට අයත් රුපියල් ලක්ෂ 39ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය සහ මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුව ඊයේ (06) කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජයරත්න මහතා ඉදිරියේ යළි විභාගයට ගනු ලැබීය.

එහිදී සාක්ෂි දුන් ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය නැමැති වෘත්තීය සමිතියේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ කහවගේ ඩග්ලස් මහතා කියා සිටියේ තම වෘත්තීය සමිතියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ණය මුදලක් වශයෙන් තම වෘත්තීය සමිතියේ අරමුදල්වලින් රුපියල් ලක්ෂ තිස් නවයක් ලබාගෙන තිබූ බවයි.

වැඩිදුර සාක්ෂි විභාගය අගෝස්තු මස 02 වන දාට කල් තබන ලදී.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්