ලෝකයේ හොඳම පොහොර එප්පාවල- පොහොර නිපදවන්න කිසිඳු රජයක් අවධානය දී නැහැ

ලෝකයේ හොඳම පොහොර එප්පාවල- පොහොර නිපදවන්න කිසිඳු රජයක් අවධානය දී නැහැ

එප්පාවල පොස්පේට් නිධිය මඟින් T.S.P පොහොර නිපදවීමේ වැඩපිළිවෙල සඳහා පත්කරනු ලැබූ විද්වත් කමිටුව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමඟ සාකච්ඡා කර ඇත.

විද්වත් කමිටුවේ සාමාජික පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඕ. ඒ. ඉල්ලපෙරුම මහතා විසින් කියා සිටියේ කිසිඳු රජයක් මේ පිළිබඳව අවධානය යොමුකර නොමැති බවත් මේ සම්බන්ධව කරනලද ඉල්ලීම් ඉටු නොවූ බවත් ය. පසුගිය රජය සමයේ  රුපියල් මිලියන 900 ක මුදලක් මේ සඳහා වෙන්කළා නම් ශ්‍රි ලංකාවේ කෘෂිකර්මාන්තයට අවශ්‍ය පොහොර ප්‍රමාණය මෙරටදීම නිපදවිය හැකිව තිබූබව මහාචාර්යවරයා පැවසීය. නමුත් වර්තමානයේ පොහොර සහනාධාරය සඳහා රජයට පොහොර ආනයනය කිරීම වෙනුවෙන් වාර්ශිකව රුපියල් මිලියන 33000ක් වැයකිරීමට සිදුව ඇත.

නමුත් වර්තමානයේ පොහොර නිෂ්පාදනය සඳහාවන වැඩපිළිවෙල ඇරඹීම සඳහා රුපියල් බිලියන 200ත් 300ත් අතර මුදලක් වැය වෙතැයි අපේක්ෂා කරයි.

ශ්‍රි ලංකාවේ එප්පාවල ප්‍රදේශයේ පවතින පොස්පේට් නිධිය ලෝකයේ හොඳම පොස්පේට් නිධියක් ලෙස හඳුනාගෙන තිබේ. පොස්පේට් හා සල්ෆර් ප්‍රමාණය ඉහළ මට්ටමක පැවතීම හා කැඩ්මියම් රහිත වීම මෙම විශේෂතාවයට හේතු වේ. උතුමැද පළාතේ පැතිරයන වකුගඩු රෝග සඳහා මූලික හේතුවක් ලෙස කැඩ්මියම් අඩංගු පොහොර වගාවන්ට යෙදීම හඳුනාගෙන තිබේ. එමනිසා රටේ ආර්ථිකයටත් වකුගඩු රෝගයට හා රටේ කෘෂිකර්මය සඳහා මෙය හිතකර පියවරක් ලෙස විද්වත් කමිටුව කරුණු පැහැදිලිකර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්