කල්පිටිය අර්ධදීපයේ ප්‍රදේශ රැසකම විදුලිය විසන්ධි වී පවතින බවත් විදුලිය විසක්ධිවී දැනට පැය 48කට වැඩි කාලයක් වන බවත් ජනතාව චෝදනා කරති.
කල්පිටිය, මනල්තෝට්ටම, වන්නිමුන්දලම, තලවිල යන ගම්මානවල, ඇතැම් ප්‍රදේශයන්හී මෙලෙස විදුලිය බිඳ වැටී ඇති බව වාර්තා වේ.
නාරක්කල්ලිය, පනයඩිය මාම්පූරිය යන ගොවි බිම් ආශ්‍රිත විදුලි විසන්ධිය තවමත් පවතින බවත් බොහෝ ගොවීන්ගේ විදුලිය බිඳ වැටීම් ඉකුත් සදුදා දහවල් මෙන්ම අඟහරුවාදා අලුයම සිට වන බවද ගොවීහු චෝදනා කරති. මෙම විදුලිය බිඳවැටීම් නිසා විශේෂයෙන්ම ගොවියන්ගේ දෛනික ජල සැපයුම ඇණ හිට ඇති බවත් එම නිසා මහත් දුෂ්කරතාවයකට මුහුණ පා ඇති බවත් ගොවි ජනතාව සඳන් කරයි.
3












