රුපියල ඉතිහාසයේ දරුණුම ලෙස කඩාවැටෙයි

රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය මේ වනවිට රුපියල් 159යි සත 61ක් දක්වා පහළ බැස තිබේ.

රුපියලේ විකුණුම් අගය මෙතරම් දුරට පහත වැටුණු ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය වන අතර මැයි මස 17 වැනි දා ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙමින් රුපියලේ අගය රුපියල් 159යි සත 55ක් ලෙස දැක්විණි. එය මීට පෙර රුපියල පහත වැටුණු ඉහළම අගය විය.

මේ වසරේ ජනවාරි 01 වැනි දා මැයි 25 වැනි දා දක්වා කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල් 3යි සත 3කින් අවප්‍රමාණය වී ඇතැයිද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

රුපියල වැඩි වශයෙන් අවප්‍රමාණය වූයේ අප්‍රේල් මස අගදී සහ මැයි මස මුලදී යැයිද ශ්‍රී ලංකා මහ බැංකුව මේ වසරේ තෙවැනි මුදල් ප්‍රතිපත්ති විවරණය නිකුත් කරමින් ඉකුත් (11) සඳහන් කළේය.

පසුගිය වසරේදී රුපියල 2.5%කින් සහ 2016 වසරේදී රුපියල 3.9%කින් අවප්‍රමාණය වුණු බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තාවල දැක්වේ.

Facebook
Twitter
LinkedIn