පොල් ගස ආරක්ෂා කිරීමට නීති රැසක් – අමාත්‍යාංශ නිලධාරින් හා සාකච්ඡා සාර්ථකයි

පොල් ගස ආරක්ෂා කිරීමට නීති රැසක් – අමාත්‍යාංශ නිලධාරින් හා සාකච්ඡා සාර්ථකයි

පොල් සහ පොල් ආශ්‍රිත කර්මාන්තය ආරක්ෂා කරගැනීම පිළිබඳව ඊයේ (31) වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවති සාක්චඡාව සාර්ථක වු බව සමස්ත ලංකා ගොව්ජන සම්මේලනයේ ජාතික සංවිධායක, පොල් කර්මාන්තය සුරැකීමේ සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න මහතා සඳහන් කරයි.

ඉයේ වැවිලිකර්මාන්ත අමාත්‍යාංශයේ පොල් ක්ෂේත්‍රය භාරව කටයුතුකරන අතිරේක ලේකම් ජනක ධර්මකීර්ති මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් අමාත්‍යාංශ මට්ටමින් එම සාකාච්ඡාවට සම්බන්ධ වූබවත් පොල් සහ පොල් ආශ්‍රිත කර්මාන්තයේ නිරතවන්නන් වෙනුවෙන් ඒ ආශ්‍රිත සංගම් ප්‍රධානීන් සහභාගී වූ බවත් නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේ ය.

පොල් සහ පොල් කර්මාන්තය ආරක්ෂා කරගැනීම අරමුණුකරගෙන පසුගියදා පන්නල ප්‍රදේශයේදී පැවති සමුළුවට සහභාගී වූ දේශපාලන පක්ෂ හතරේම නියොජිතයන් අදහස් සම්බන්ධයෙන් මෙහිදී අමාත්‍යාංශ නිලධාරීන් සමග සාකච්ඡා කර තිබේ.

එහිදි පොල් ගස, ගස් හෙළීමේ පනතට ඇතුළත් කිරීමේ යෝජනාව පිළිබඳව මුලින්ම සාකච්ඡාවට ගෙන ඇත. එම පනතට දැනට ඇතුළත් කර ඇති ගෑනු තල්ගහ, දෙල් ගහ සහ කොස් ගසට අමතරව පොල් ගසද ඇතුළත් කිරීමට මීට පෙර පැවති සාකච්චාවේදී තීරණය කර තිබිණි. එ් අනුව එය ලබන සතියේ කැබිනට් මණ්ඩලයට යොමු කරන බව අමාත්‍යාංශ නිලධාරීන් අනාවරනය කර ඇත.

නිවසක් සාදා ගැනිම වැනි කාරනාවලදී පොල් ගස්ක් ඉවත් කිරිම වැනි කටයුතුවලට අවසර ලැබෙන ආකාරයටත් අවුරුදු 60ට වැඩි ගස් ඉවත් කිරීමේදී විකල්ප පොලස් ගසක් තිබිය යුතු බවට සඳහන් වන පරිදි මෙම නීති ගෙන ඒමට එහිදී සාකච්ඡා වී ඇත. ඒ නුව පොල් ගස ආවට ගියාට කැපීමට නොහැකි වන ලෙස නීති සකස් වේ.

ඊට අමතරව පසුගිය සාකච්චාවේදි පැමිණි එකඟතා අනුව පොල් ඉඩම් ලියපදිංචි කිරිම ඊයේ (30) සිට මාස 03ක් ඇතුළත් අවසන් කිරීමට තීරණය කර ඇත. එසේ ලියාපදිංචි කරන ලද ඉඩම් සඳහා විශේෂ සහන ලබාදීමටත් එකඟ වී තිබේ. ඒ අනුව ලියාපදිංචි කළ පසු එම ඉඩම් වාණිජමය අරමුණෙන් කැබිල කිරීම තහනම් වේ.

පසුගිය මාර්තු 07 ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පැවති කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී පොල් ඉඩම් කැබලි කිරිම තහනමට ලක් කරන ලෙස තමන් විසින් කරන ලද ඉල්ලීමට ජනාධිපතිවරයා විසින් ලබා දුන් ප්‍රතිචාරය අනුව එය මුළු රටටම අදාළව තහනමට ලක් කිරිමට කැබිනට් මණ්ඩලයේදී තිරණයක් ගතහැකි බව අවධාරණය කර තිබූ බැවින් මෙය කැබිනට් මණ්ඩලයට යොමු කර රටටම අදාළ ලෙස කැබිනට් තීරණයක් ගැනිමටද මෙහිදි එකඟතාවයකට පැමිණ ඇත.

පොල් ගස්වලට වනසතුන්ගෙන් වන හානි වලක්වාගැනීම සඳහා වනජීවී අමාත්‍යාංශය හා වැවිලිකර්මාන්ත අමාත්‍යාංශය අතර සාකච්චාවක් සිදු කොට ඊට අදාළ වැඩපිළිවෙලක් සකස් කිරීමට එකඟතාවයකට පැමිණි බවද නාමල් කරුණාරත්න මහතා පෙන්වා දුන්නේය.

පොල් කර්මාන්තකරුවන් මේ මොහොතේ මුහුණපා ඇති ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කළා. එමෙන්ම අපේ රටේ පොල් පලදාව වැඩි කිරිමට සහ අලුතින් පොල් වගා භූමි වැඩි කිරීමට අදාළවත් සාකච්ඡා සිදු කළා.

අලුතින් පොල් වගා ඇති කළ පසු සතුන්ගෙන් වන හානි අවම කර ගැනීමට යම් වැඩපිළිවෙලක් සකස් කිරීමටත් අලුත් පොල් පැල සිටවූ පසු ඉත්තෑවන්ගෙන් සහ ඌරන්ගෙන් ආරක්ෂා කිරිම සඳහා බැරල් එකක් ලබා දීමටත් එකඟතාවයකට පැමිණ ඇත.

එම බැරල්එක සල්ලිවලට දෙනවාද නොමිලෙ දෙනවද යන්න සම්බන්ධයෙන් සාකච්ඡාවට බඳුන් වී නැත.

පොල් වගාවන් සඳහා අවශ්‍ය ජල පහසුකම් ඇතුළු අනෙකුත් පහසුකම් ලබාදීමටත් හොඳම පොල් ගොවියා තේරීමේ ප්‍රවර්ධන වැඩසටහනකට යාමටත් යෝජනා වී ඇත. එහිදී නිවසක සෑම සාමාජිකයාටම පොල් ගස බැගින් බෙදා දී එම පොල් ගසේ ඵලදාව වැඩි කරගැනිමට අදාළව උනන්දු කරවිමේ වැඩසටහනක් කිරිමටත් යොජනා වී ඇත.

පොල් සහ පොල් කර්මාන්තයේ නියුතුවූවන් මුහුණ පා ඇති ගැටළු සහ පොල් වගාකිරිම සම්බන්ධයෙන් වැඩමුළු කිහිපයක් සකස් කර ඇති බවත් එහිදි අනාවරණය වූ බන නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේ ය.

වෙනත් අමාත්‍යාංශ සමග ගැටළු විසඳා ගැනීමේදී සිදුකිරිමට වන උද්ඝෝෂණ, පාරවල් හරස් කිරීම්, පෙළපාළි වැනි ක්‍රියාමාර්ගවට නොගොස් ඉතාමත් සීමිත ක්‍රියාමාර්ගවලට පමණක් අවතීරණය වීමේදී සාකච්ඡාමය අවස්ථා ලබාදීම සම්බන්ධයෙන් මෙහිදී විශේෂයෙන් පොල් සහ පොල් කර්මාන්ත කරුවන් සහ නාමල් කරුණාරත්න මහතා අවධාරණය කර ඇත. එමෙන්ම මෙම සාකච්ඡාවලදී පැමිණි එකඟතාවයන් නීති බවට පත් කිරීමේදී කැබිනට් මණ්ඩලයේ සාහය නිසිලෙස ලබා නොදුනහොත් ඊට එහෙරිව මෙතෙක් අනුගමණය නොකළ විරෝධතා ක්‍රියාමාර්ගවලට පැමිණීට සිදුවන බවත් එහිදී අවධාරනය කර ඇත.

Facebook
Twitter
LinkedIn