කටුනායක විරෝධතාවයකදී පොලිස් වෙඩි ප්‍රහාරයකින් මිය ගිය රොෂේන් චානක මහතාගේ 07 වැනි ගුණ සැමරුම ඊයේ (30) කොළඹ සි.එස්.ආර් ශාලාවේදී පවත්වා තිබේ.
2011 වසරේදී පෞද්ගලික අංශ සේවකයන් සඳහා විශ්‍රාම වැටුපක් සකස් කරන්නේ යැයි පවසා ඔවුන්ගේ අර්ථසාදක අරමුදල කොල්ලකෑමට පැවිත මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ආණ්ඩුව කටයුතු කළ මොහොතේ ඊට එරෙහිව නැගුණු විරෝධතාවලට ආණ්ඩුව පොලීසිය යොදවා සිදු කළ වෙඩි තැබීමේදී රෝෂේන් චානක මහතාට වෙඩි වැදී ජීවිතක්ෂයට පත් විය.
අන්තර් සමාගම් සේවක සංගමය විසින් සංවිධානය කර තිබූ මෙම ගුණ සැමරුමට රොෂේන් චානක මහතාගේ මව මේරි සුවර්ණා කාන්ති මහත්මියද එක්වී සිටි අතර ඇය සිය පුතුගේ ඡයාරූපයට පුෂ්පෝපහාර දැක්වු අතර එම අවස්ථාවට එක්වී සිටි අන්තර් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා සහ අන්තර් සේවක සංගමයේ උප ලේකම් පි. හෙටිආරච්චි මහතා ඇතුළු පිරිසක්ද එක්වී සිටියහ.
මෙම සැමරුමට සමගාමීව, පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සේම සේවකයන්ගේ අර්ථ සාධක අරමුදලේ මුදල් මංකොල්ල කෑම සඳහා වත්මන් මෛත්‍රී – රනිල් ආණ්ඩුවේ සේවක අර්ථ සාධක ධවල පත්‍රිකාව සම්බන්ධයෙන් සම්මන්ත්‍රණයක්ද අන්තර් සමාගම් සේවක සංගමය විසින් සංවිධානය කර තිබිණි.















