නාඋල පොලිස් බලප්‍රදේශයට අයත් හපුගස්යාය ගම්මානයේ දි වයස අවුරුදු 11ක පාසල් දැරියක් අපයෝජනයට ලක්කළ හමුදා සෙබලෙකු නාඋල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (30) දැරිය පාසල් යමින් සිටිය දී හමුදා සෙබලා විසින් එම දැරිය අසළ පිහිටි ළඳු කැලෑවකට ඇදගෙන ගොස් දූෂණයට ලක්කර ඇති බව ඇගේ මව විසින් පොලිසියට පැමිණිලි කර තිබේ.
බෝගස් බොබැල්ල කණිෂ්ඨ විද්‍යාලයේ 06 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරිය අපයෝජනයට ලක්කර ඇති හමුදා සෙබලා 19 වන ගජබා රෙජිමේන්තුවට අයත් අවුරුදු 24ක අවිවාහක හපුගස්යාය ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බව වාර්තා වේ.
අපයෝජනයට ලක්වු දැරිය වෛද්‍ය පරීක්ෂණයකට යොමුකර තිබේ.
සිද්ධීය සම්බන්ධයෙන් නාඋල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
5










