මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වධ හිංසා කිරීමේ සිද්ධියට හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා සම්බන්ධ බවට මෙතෙක් කළ පරීක්ෂණවලින් අනාවරණය වී නැතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (30) ගල්කිස්ස මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මියට දැනුම් දී තිබේ.
මීට පෙර නඩු වාරයේදී නීතිඳ අජිත් ප්‍රසන්න මහතා කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගෙන සරත් ෆොන්සේකා මහතාගේ සම්බන්ධය ගැන සොයාබලන්නැයි අධිකරණයඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරන තිබිණි.
සරත් ෆොන්සේකා මහතාගේ සහ ඒ මහතාගේ පවුලේ මෙන්ම තවත් කිහිප දෙනකුගේ දුරකතන අංක ඔස්සේ විමර්ශන සිදු කළ බවත් සැකකරුවන් හා ඔවුන් අතර සම්බන්ධතාවයක් එමගින් හෙලිදරව් නොවූ බවත් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දී ඇත.
1










