වෙනිසියුලානු කොමියුනිස්ට් තරුණ සංවිධානය හා ජවිපෙ තරුණ සංගමය අතර හමුවක්

වෙනිසියුලානු කොමියුනිස්ට් තරුණ සංවිධානය හා ජවිපෙ තරුණ සංගමය අතර හමුවක්

වෙනිසියුලානු කොමිනියුස්ට් තරුණ සංවිධානය (JCV) සහ ජනතා විමුක්ති පෙරමුණේ තරුණ අංශය වන සමාජවාදී තරුණ සංගමය (SYU) අතර අත්දැකීම් හුවමාරු කරගැනීමේ මිත්‍රත්ව වැඩසටහනක් ආරම්භ කර තිබේ.

සමාජවාදී තරුණ සංගම් මුලස්ථානයේ එහි ආරම්භක නිල සාකච්චාව ඊයේ (29) පවත්වා ඇත.

වෙනිසියුලානු කොමියුනිස්ට් තරුණ සංගමයේ ඉල්ලීම මත සමාජවාදී තරුණ සංගමය විසින් සංවිධානය කළ මිත්‍රත්ව වැඩසටහන මැයි 29 සිට ජුනි 03 දක්වා දිනයන් හිදී පැවැත්වෙන අතර අත්දැකීම් හුවමාරු වැඩසටහන්, තරුණ වැඩමුළු, තරුණ ක්‍රියාකාරී හමු, දේශපාලන සාකච්චා සභාවන් ආදි වැඩසටහන් රාශියක් පැවැත්වීමට නියමිතව තිබේ.

වෙනිසියුලානු කොමියුනිස්ට් තරුණ සංගමයේ ජාතික සංවිධායක හෙක්ටර් අප්ලෝ මහතා සහ ජාත්‍යන්තර කමිටු ලේකම් ගේබ්‍රියල් මහතා ඒ සඳහා වෙනිසියුලාව නියෝජනය කරමින් සහභාගිවී ඇත.

සමාජවාදී තරුණ සංගමය නියෝජනය කරමින් එමි ආරම්භක සාකච්ඡාව සඳහා ජාතික සංවිධායක එරංග ගුණසේකර, ජාත්‍යන්ත කටයුතු පිළිබඳ ලේකම් අංජන සම්පත් අමරසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් එක්වී සිටියහ.

Facebook
Twitter
LinkedIn