ඉහළ දමනලද ඉන්දන මිලට සාපේක්ෂව ජල හා විදුලි ඒකකයක් සඳහා අයකරනු ලබන මිල ඉහළයනු ඇතැයි වාර්ථා වේ.
ලංකා ඛණිජ තෙල් සංස්ථාව විසින් විදුලිබල මණ්ඩලයට සපයනු ලැබූ දැවි තෙල් ලීටරයක මිල රුපියල් 80ක් ලෙස පැවති අතර ඉන්දන මිල ඉහළ යාමත් සමඟ දැවිතෙල් ලීටරයක් සඳහා රුපියල් 90ක මිලක් නියම වී ඇත. දැවිතෙල් මිල ඉහල යාමෙන් වන පිරිවැය පියවා ගැනීමට විදුලි මිළ වැඩිකිරීම හැර විකල්පයක් නොමැති බව වාර්ථා වේ.
මේ අතර ජල ගාස්තු වැඩි කළ යුතු බව ජල සම්පාදන හා නගර සැළසුම් අමාත්‍ය රවුෆ් හකීම් මහතා පසුගිය බදාදා දින පැවති කැබිනට් මණ්ඩලය රැස්වීමේදී යෝජනා කර ඇතැයි වාර්ථා වේ.ජල මිල වැඩි කළ යුතු බවට කාලයක් තිස්සේ යෝජනා ඉදිරිපත් වුවද විසඳුමක් ලැබී නැති බවත් නැවත වරක් ජල බිල වැඩිකිරීම පිළිබඳ සොයාබලන්නැයි අමාත්‍යවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.
1










