මැලේසියාවේ හිටපු අගමැතිට සහ බිරිඳට රටින් පිටවීම තහනම්

මැලේසියාවේ හිටපු අගමැතිට සහ බිරිඳට රටින් පිටවීම තහනම්

මහ මැතිවරණයෙන් අනපේක්ෂිත පරාජයක් ලැබූ මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක් මහතාට හා ඔහුගේ බිරිඳට රටින් පිටවීම තහනම් කර ඇතැයි වාර්තාවේ.

හිටපු අගමැතිවරයාට දූෂණ චෝදනා රැසක් එල්ල වී තිබේ.

මහ මැතිවරණයේ දී ඔහුගේ අනපේක්ෂිත පරාජයටද එම චෝදනා හේතුවක් විය.

නජීබ් රසාක්ගේ දේශපාලන ගුරුවරයා වූ මැලේසියාවේ හිටපු අගමැති මහතීර් මොහොමද් මහ මැතිවරණයෙන් ජය ලැබීය.

Facebook
Twitter
LinkedIn