පාංශු පිහිටීම ගැන නොහිතා හල්දුම්මුල්ල – ගිණිගත්ගල පාර සකස් කරලා – නායයාම හේතුවෙන් වසා දමයි

පාංශු පිහිටීම ගැන නොහිතා හල්දුම්මුල්ල – ගිණිගත්ගල පාර සකස් කරලා – නායයාම හේතුවෙන් වසා දමයි

හල්දුම්මුල්ල – ගිණිගත්ගල මාර්ගය යළි දැනුම් දෙනතුරු වසා තබන ලෙසත්, විකල්ප මාර්ගයක් තැනීම සුදුසු බවත්, එම මාර්ගයේ සිදුවූ නාය යෑම සම්බන්ධයෙන් කළ භූමි පරීක්ෂණ වාර්තාවේ දැක්වෙන බව හල්දුම්මුල්ල සහකාර ප්‍රාදේශීය ලේකම් ගංගානි සෝමවීර මහත්මිය පවසයි.

මෙම මාර්ගය කැපුම ආශ්‍රිතව තිබූ පාෂාණ ස්තරය මගින් ඉහළ බෑවුමේ පැවති ලිහිල් පාංශු සඳහා සැපයූ පාද ආධාරකය අහිමිවීම මෙම නායයෑම සිදුවීම සඳහා ප්‍රධාන හේතුව වූ බවත්, එම ස්ථානයේ සිට දෙපසට මීටර 100ක දුරක ප්‍රදේශයේ ගැවසීම යෝග්‍ය නොවන බවත් අධීක්ෂණයක් නොමැතිව සුන්බුන් ඉවත් කිරීම නොකළ යුතු බවත් එම වාර්තාවේ දැක්වේ.

ගිනිගත්ගල මාර්ගය අහිමිවීම හේතුවෙන් කිරිමැටිය, මහගෙහින්න, ගිණිගත්ගල ගම්මාන පවුල් 350ක පිරිස් දැඩි අපහසුතාවයකට පත්ව සිටිති.

මෙම ගම්මානයට විකල්ප මාර්ගයක් ඉදිකිරීම සඳහා වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක් හරහා අනුමැතිය ලැබී ඇති බවත් වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn