කොළඹ දිසා අධිකරණයේ පුද්ගලයකුට පවරා තිබූ නඩුවකින් ඔහුට ගැලවීම සඳහා ලිපියක් දෙන බව පවසා රුපියල් 15000 මුදලක් ලබා ගත්තැයි වරදකරු වු දේශිය ආදයම් දෙපාර්තමේන්තුවේ අනුරාධපුර පළාත් කාර්යාලයේ තක්සේරු නිලධාරියකු ලෙස කටයුතු කළ පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා වසර 14ක සිර දඬුවමක් සහ රුපියල් 9,000ක දඩයක් නියම කර තිබේ.
ඔහු අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් 15,000ක මුදල දණ්ඩනයක් ලෙස අයකර ගැනීමටද මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
මෙලෙස දඩුවම් නියම වුයේ දේශිය ආදයම් දෙපාර්තමේන්තුවේ අනුරාධපුර පළාත් කාර්යාලයේ තක්සේරු නිලධාරියකු ලෙස කටයුතු කළ ජනක බණ්ඩාර දසනායක නම් තැනැත්තෙකුටය.
14










