ඉන්ධන මිල ඉහලයාමට සාපේක්ෂව බස් ගාස්තු ඉහල නංවනබව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. මේ අතර ඊයේ(10) මධ්‍යම රාත්‍රියේ සිට කුලී ත්‍රී රෝද රථ වල පළමු කිලෝමීටරය සඳහා අයකරන ගාස්තුව රුපියල් 10කින් ඉහල නංවා තිබේ.
පසුගිය බදාදා පැවති හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කළ පරිදි ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල්වල ඉන්දන මිල ඊයේ(10) මධ්‍යම රාත්‍රියේ සිට ඉහල දැමුනි. ඒ අනුව මෙතෙක් ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 137 ක් , ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 148 , ඔටෝ ඩිසල් ලීටරයක් රුපියල් 109 ක් , සුපිරි ඩිසල් ලීටරයක් රුපියල් 119ක් දක්වා මිල ඉහළ නංවනු ලැබීය. එමෙන්ම රුපියල් 44ක්ව පැවති භුමිතෙල් ලීටරයක මිල රුපියල් 101 දක්වා ඉහළ ගියේය.
මීට සාපේක්ෂව ලංකා IOC සමාගම ද ඊයේ මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 137 ක්, හා ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 151 ක් දක්වා ඉහළ නංවනු ලැබීය. එමෙන්ම ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 111 ක් ලෙස ද සුපර් ඩිසල් ලීටරයක් රුපියල් 119 ක් දක්වා ද මිල වැඩි කළ බවද IOC සමාගම නිවේදනය කළේය.










