සිරියාව තුළ ඉරාන ඉලක්කවලට ඊශ්‍රායලයෙන් රොකට් ප්‍රහාර.

සිරියාව තුළ ඉරාන ඉලක්කවලට ඊශ්‍රායලයෙන් රොකට් ප්‍රහාර.
ඊශ්‍රායලය සිරියාවේ ඉරාන ඉලක්ක කරා දැවැන්ත රොකට් ප්‍රහාර එල්ලකර තිබේ. ඇමරිකා එක්සත් ජනපදය ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වී දිනකට පසු එල්ල වූ මෙම ප්‍රහාර මාලාවත් සමග මැදපෙරදිග කලාපයේ උග්‍ර සතුරන් ලෙසින් හඳුන්වන ඊශ්‍රායලය හා ඉරානය අතර ගැටුම වර්ධනය වන ලකුණු පහල වී ඇත.
ප්‍රහාරක ගුවන්යානා 23ක් යොදාගනිමින් දියත්කල මෙම ප්‍රහාරය ඊශ්‍රායලය ඉරානය ඉලක්ක කර ගනිමින් දියත්කල දැවැන්තම ප්‍රහාරය වේ.මෙලෙස ප්‍රහාර එල්ල කර ඇත්තේ සිරියාවේ ඉරාන හමුදාවලට පහසුකම් සපයන ස්ථාන ඉලක්ක කර ගනිමින් බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඇව්ඩෝර් පවසයි.
මේ අතර රුසියාව ,ජර්මනිය හා ප්‍රංශය යන රටවල් මෙම ගැටුම සමථයකට පත්කර ගන්නැයි දෙරටෙන් ඉල්ලලා තිබේ.

Facebook
Twitter
LinkedIn