ඇමරිකා -උතුරුකොරියා නායක හමුව ලබන ජූනි මස 12 වැනිදා සිංගප්පූරුවේ දී සිදුවන බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් දැනුම් දී තිබේ. ඇමරිකා -උතුරු කොරියා නායකයින් දෙදෙනෙක් සිය ධූර කාලය තුළ හමුවන පළමු අවස්ථාව මෙයයි.
ඇමරිකා ජනාධිපතිවරයා හමුව පිළිබඳ තොරතුරු අනාවරණය කලේ උතුරු කොරියාව ඇමරිකන් ජාතිකයන් තිදෙනෙකු නිදහස්කර පැය කිහිපයක් ගතවන අවස්ථාවකය. ” ලෝක සාමය වෙනුවෙන් මෙම හමුව සුවිශේෂ අවස්ථාවක් කරගැනීමට අප දෙදෙනාම උත්සාහ ගන්නවා ” යැයි ඇමරිකා ජනාධිපතිවරයාගේ ට්විටර් පණිවිඩයේ දැක්වේ.

6









