දැව සංස්ථාවේ නව සභාපති ලෙස පත් කළ අනුරුද්ධ පොල්ගම්පොල මහතාගේ පත්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අත්හිටුවා ඇත. හිටපු සභාපති කෝටි දෙකක අල්ලස් ගැනීමේදී අත්අඩංගුවට පත්වීමෙන් පසුව මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඔහුගේ අනුරුද්ධ පොල්ගම්පල මහතාව නව සභාපති පත් කරන ලදි ඒ පසුගිය 4 වෙනි දිනය.
පත්වීමෙන් පසුව ඔහු සිදුකළ දූෂණ වංචා චෝදනා පිළිබද ජනතා විමුක්ති පෙරමුණ සහ විවිධ පාර්ශව ජනාධිපතිවරයා වෙත දෝෂාරෝපන එල්ල කරන ලද අතර එම චෝදනා නිසා නැවත මෙම පත්වීම අත්හිටුවීමට ජනාධිපතිවරයාට සිදුව ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වු ජවිපෙ මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පැවසුවේ පැවති රාජපක්ෂ පාලන සමයේ බැසිල් රාජපක්ෂ මහතා සමග එක්ව උප කොන්ත්‍රාත් කරුවන්ට ඉදිකිරීම් කොන්ත්‍රාත් ලබා දෙන සමාගමක් පවත්වාගෙන යමින් වව්නියාව ප්‍රදේශයේ මාර්ග ඉදිකිරීම් හා අළුත්වැඩියා කිරීමේ කටයුතු සඳහා උප කොන්ත්‍රාත් කරුවන්ට කොන්ත්‍රාත් ලබා දී එම කොන්ත්‍රාත් කරුවන්ගේ මුදල් ගෙවීමේදී අගරු චෙක් පත් ලබාදීම සම්බන්ධයෙන් 2016 වසරේ මැයි මාසයේදී වව්නියාව බන්ධනාගාරයේ මාස ගණනාවක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි බවයි.
ඉන් පසු 2017 වසරේ ජුලි 15වනදාද අනුරුද්ධ පොල්ගම්පල මහතාව මිරිහාන විශේෂ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගන්නා ලද අතර ඒ පුද්ගලයන් දෙදෙනෙකුට රුපියල් ලක්ෂ 75ක් මුදලක් වංචා කිරීමේ චෝදනා මත බවද හදුන්නෙත්ති මහතා එහිදී පැවසීහ. කළු ගල් වැඩපොළක් පවත්වාගෙන යාමට යැයි පවසා එක් පුද්ගලයෙකුගෙන් ලක්ෂ 35ක් ලබාගෙන ඇති අතර එම මුදලින් ලබාගත් යන්ත්‍ර පෙන්වා තවත් අයෙකු සමග ලක්ෂ 40ක කොන්ත්‍රාත් ගිවිසුමක් අත්සන් කර එම දෙදෙනාටම අදාළ මුදල් වංචා කර තිබිණි.
එමෙන්ම මොහු ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට තේරීපත්වී සිටියදී සිය මන්ත්‍රී වරප්‍රසාද භාවිතා කරමින් තරුණයෙකු ජපානයට ගෙනයාමට උත්සාහ කර එරට ගුවන්තොටුපොළ්දී ම අත්අඩංගුවට පත්ව තිබූ අතර ඉන් පසු ඔහු මෙරටට පැමිණි වහාම ජනතා විමුක්ති පෙරමුණ විසින් ඔහුව මන්ත්‍රී ධුරයෙනුත් පක්ෂ සාමාජිකත්වයෙනුත් නෙරපා දමන ලදී.
ආශ්‍රිත පුවත
ගෝලයාට ඇප තියන්න ලක්ෂ 30ක් ඕනලු – මහින්දයි විමලුයි කරඅරියි
බැසිල්ගේ ව්‍යාපාරික සහකරුවෙකු අත්අඩංගුවට










