දෙකෝටියේ අල්ලස් සිද්ධියේ පැමිණිලිකරුට මරණ තර්ජන

දෙකෝටියේ අල්ලස් සිද්ධියේ පැමිණිලිකරුට මරණ තර්ජන

කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍ර සූත්‍ර සහ ගොඩනැගිලි පවරා දීමට අනුමැතිය දීම සඳහා අල්ලසක් ඉල්ලන බවට අල්ලස් කොමිසමට පැමිණිලි කළ එම්. ජී. ෂුගර් ලංකා පෞද්ගලික සමාගමේ හිමිකාර ඉන්දීය ජාතික පුද්ගලයාට මේ වන විට මරණ තර්ජන එල්ලවී ඇති බව අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂ ජනරාල් අසිත ඇන්තනී මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතාට ඊයේ (09) පැමිණිලි කර ඇත.

එම්. ජී. ෂුගර් සමාගමේ හිමිකාර කොටහාරාලපල්ලි කොඩිඩප්පයියා නඩරාජා මහතාගේ කොළඹ රොස්මිඩ් පෙදෙසේ පිහිටි කාර්යාලයට පෙරේදා (08) පැමිණි ජෝෂප් නමැත්තෙකු නඩරාජා මහතා පිලිඹඳව විමසා තිබේ. ජෝෂප් නමැත්තා කොටි බුද්ධි අංශ සාමාජිකයෙකු ලෙස හඳුන්වාගෙන තිබේ. ඒ අනුව මෙය නඩරාජා මහතාගේ ජීවිතයට එල්ලවූ තර්ජනයක් බව අසිත ඇන්තනී මහතා පවසයි.

ජෝෂප් නමැත්තා පැමිණෙන විට නඩරාජා මහතා එහි සිට නැති අතර කාර්යයාලයේ සිටි පිළිගැනීම් නිලධාරිනිය හමුවී නඩරාජා මහතා හමුවීමට අවශ්‍ය බවත් ඔහුට උදව් කිරීමට අවශ්‍ය බවත් පවසා ඇතැයි අසිත ඇන්තනී මහතා පවසයි.

මෙම පුද්ගලයාගේ පැමිණීමත් නඩරාජා මහතා පිලිබඳව විමසීමත් එම මහතාගේ ජීවිතයට එල්ලවූ තර්ජනයක් ලෙස සලකන බව පවසන ඇන්තනී මහතා එහි සිටි කාර්යාල නිලධාරීන් මගින් කුරුදුවත්ත පොලීසියට පැමිණිලි කිරීමට කටයුතු යොදා ඇත.

අල්ලස් සිද්ධියේ සැකකරුවන් වෙනුවෙන් පෙනීසිටින ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා පවසා සිටියේ තම සේවාදායකයන්ගේ කිසිදු සම්බණ්ධයක් මෙම සිද්ධියට නොමැති බවයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්