ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ ඉදිකිරීම් ඇතුලු සැකයට තුඩුදෙන මූල්‍ය ගනුදෙනු රැසකට අදාල ලිපිගොනු රැසක් අතුරුදන්ව ඇත.
අදාළ ඉදිකිරීම් කළ සමාගම් හා කොන්ත්‍රාත්කරුවන් සිය සේවාවලට නියමිත ගෙවීම් කරන ලෙස සංස්ථා පරිපාලනයෙන් දිගින් දිගටම ඉල්ලීම් කරන නමුත් ලියකියවිලි නොමැතිව අදාල ගෙවීම් කළ නොහැකි තත්වයක් උද්ගත වී ඇත.
ඒ අනුව මෙම තත්වයට පිලියම් කිරීමට අමාත්‍යාංශ මට්ටමින් ස්වාධීන විමර්ශනයක් කරන්නැයි අදාල ජ්‍යෙෂ්ඨ නිලධාරියා විශයභාර අමාතය රංජිත් මද්දුමබණ්ඩාර මහතාට පැමිණිලි කර ඇත.
4










