සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුමට එරෙහිව පෙත්සමක්

සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුමට එරෙහිව පෙත්සමක්

රජය විසින් සිංගප්පූරුව සමඟ අත්සන් කර තිබෙන නිදහස් වෙළඳ ගිවිසුම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වී තිබේ. මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසිනි. එහි වගඋත්තර කරුවන් ලෙස අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය සහ නීතිපතිවරයා නම් කර ඇති බව සඳහන්ය.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය පෙත්සම ඉදිරිපත් කරමින් පෙන්වා දෙන්නේ මෙම අත්සන් කරන ලද වෙළඳ ගිවිසුම හරහා සිංගප්පූරු ජාතික වෘත්තීයවේදීන්ට නිදහසේ ලංකාව තුළ වෘත්තීය කටයුතුවල නිරත වීමට අවකාශ සැලසෙන  බවයි. එසේම ලාංකික වෘත්තීයවේදීන්ට ලැබෙන වාසි ඉතාම අල්පබව පෙත්සම්කරු පෙන්වා දෙයි. එසේම මෙරට වෛද්‍ය, ඉන්ජීනේරු, නීති, මිනින්දෝරු ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක වෘත්තීයවේදීන්ගේ වෘත්තීය කටයුතු වලට බාධා එල්ලවන බව නීතීඥ සංගමය පෙන්වා දෙයි.

යෝජිත ගිවිසුම තුළින් මෙරට වෘත්තීයවේදීන්ගේ අයිතිවාසිකම් බරපතල ආකාරයෙන් උල්ලංඝනය වන නිසා එය මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශකොට තීන්දුවක් ලබාදෙන මෙන් පෙත්සම්කාර ශ්‍රී ලංකා නීතීඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Facebook
Twitter
LinkedIn