ආණ්ඩුවේ ඉදිරි වැඩපිළිවෙල පිලිබඳ විවාදය අද

ආණ්ඩුවේ ඉදිරි වැඩපිළිවෙල පිලිබඳ විවාදය අද

පසුගිය 08 වැනිදා පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ආරම්භ කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කරන ලද ආණ්ඩුවේ ඉදිරි වැඩපිලිවෙල සම්බන්ධයෙන් වු පාර්ලිමේන්තු විවාදය අද (10) පෙ.ව. 10.30 සිට පැවැත්වීමට නියමිතය.

පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය පසුගිය 08 වැනිදා උත්සවාකාරයෙන් ආරම්භ වූ අතර ජනාධිපතිවරයාගේ කතාවෙන් අනතුරුව අද දිනයට පාර්ලිමේන්තුව කල් දැමුණි.

ජනාධිපති වරයාගේ කතාවේදී ආණ්ඩුවේ ඉදිරි වැඩපිලිවෙල ඉදිරිපත් වූ අතර විපක්ෂයේ පක්ෂ කරන ලද ඉල්ලීමකට අනුව ඒ සම්බන්ධ විවාදය අද දිනය පුරා පැවැත්වීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn