සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඉල්ලීම් ලබානොදීමට එරෙහිව කරාපිටිය රෝහල ඉදිරිපිට හෙට (03) විරෝධතාවයක්

සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඉල්ලීම් ලබානොදීමට එරෙහිව කරාපිටිය රෝහල ඉදිරිපිට හෙට (03) විරෝධතාවයක්

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ඉල්ලීම් ලබානොදීමට එරෙහිව හෙට (03) ගාල්ල කරාපිටිය රෝහල ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කර ඇති බව සමස්ත ලංකා සුවසේවා සංගමය සඳහන් කරයි. එහි ප්‍රධාන ලේකම් මහින්ද ගුරුගේ මහතාගේ අත්සනින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයකින් සමස්ත ලංකා සුවසේවා සංගමය මේ බව සඳහන් කර අතර ඔවුලන් ඉල්ලීම් 10ක් පාලකයන් වෙත ඉදිරිපත් කර තිබේ.

අදාළ ඉල්ලීම් 10 පහතින් පල වේ.

  1. 6/2006 චක‍්‍රලේඛය විධිමත්ව ක‍්‍රියාත්මක නොකිරීම,
  2. 6/2006 හිග මුදල් නොගෙවීම,
  3. සති විවේක කප්පාදුව නතර කිරීම,
  4. විධිමත් මාරු මණ්ඩලයක් ක‍්‍රියාත්මක කිරීම,
  5. විධිමත් උසස්වීම් ක‍්‍රමයක් ක‍්‍රියාත්මක නොකිරීම,
  6. නිල ඇදුම් දීමනාව රු.15000/= දක්වා වැඩි නොකිරීම,
  7. විශේෂ දීමනා හිග මුදල රු.2000/= නොගෙවීම,
  8. ‘‘සෞඛ්‍ය කාර්ය සහායක’’ නිල නාමය නිවැරදිව ක‍්‍රියාත්මක නොකිරීම,
  9. ආදේශක සෞඛ්‍ය කාර්ය සහායක කාර්ය මණ්ඩලය ස්ථිර නොකිරීම,
  10. සෙනසුරාදා නිවාඩු දින සදහා 1/30 ක දීමනාව නොගෙවීම.

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ වසර ගනනක් තිස්සේ නොවිසදුනු උක්ත ගැටළු ගනනාව විසදා ගැනීම සදහා සමස්ත ලංකා සුවසේවා සංගමය විසින් සෞඛ්‍ය ඇමතිවරයා ඇතුළු බලධාරීන්ගේ අවස්ථා ගනනාවකදී සාකච්ඡාවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටි නමුත් මේ දක්වා ගැටළු විසදා ගැනීමේ සාකච්ඡාවක් හෝ ලබාදීමට සෞඛ්‍ය බලධාරීන් ක‍්‍රියාකර නොමැති බවත් එම නිවේදනයේ සඳහන් වේ.

එබැවින් උක්ත ගැටළු විසදා ගැනීම සදහා දීප ව්‍යාප්ත වෘත්තීය ක‍්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සමස්ත ලංකා සුවසේවා සංගමය තීරණය කර ඇති බවත් එහි ආරම්භක පියවර ලෙස හෙට (03) දහවල් 12.00ට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල ඉදිරිපිටදී සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Facebook
Twitter
LinkedIn