දෙදහස් දොළහ වසරේදී වැලිකඩ බන්ධනාගාරය තුළට කඩා වැදී නොසන්සුන් කාරී වාතාවරණයක් ඇති කර එහි රඳවා සිටි රැඳවියන් 27 දෙනකු ඝාතනයට ලක්වීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රබල බන්ධනාගාර නිලධාරියෙකු විදේශ ගත වී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් ආර්මභ වී ඇතැයි වාර්තා වේ.
වෙඩි තැබීම සිදුවන අවස්ථාව වනවිට මෙම නිලධාරියා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉහළම නිළයක් දැරිය පුද්ගලයෙකු බව පැවසේ.
මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පසුගිය සතියේ අත්අඩංගුවට ගත් බන්ධනාගාර පුනරුත්ථාපන කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව යන දෙදෙනා අප්‍රේල් මස 10 වැනි දින දක්වා විශේෂ ආරක්ෂාවක් යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිති.
36










