සියලුම විශ්වවිද්‍යාලවල හා උසස් අධ්‍යාපන ආයතනවල අද සිට කළුකොඩි

සියලුම විශ්වවිද්‍යාලවල හා උසස් අධ්‍යාපන ආයතනවල අද සිට කළුකොඩි

එසේම අද (02) සිට සියළුම විෂ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවල කළුකොඩි ඔසවා ඒකාබද්ධ විරෝධතාවක්  දියත් කරන බව විෂ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති ඒකාබද්ධකමිටුව සදහන් කරයි.

සාධාරන ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් විෂ්වවිද්‍යාල අනධ්‍යන සේවකයන් පෙබරවාරි 28 වැනිදා සිට වැඩවර්ජනයක නිරත වී සිටින බවත් මේ නිසා උගතුන් බුද්ධිමතුන් බිහිකරන ආයතන වැසීගොස් තිබෙන බවත් අධ්‍යාපන අනධ්‍යන සේවක සංගමය සඳහන් කරයි.

වැඩවර්ජන ආරම්භකර දින 33කට අධික කාලයක් ගත වී තිබුනද විෂය භාර අමාත්‍ය කබීර් හෂීම් මහතා වර්ජනයේ නිරත පිරිස් සමග විධිමත් ලෙස සාකච්ඡාවක් හෝ පැවැත්වීමට කටයුතු කර නොමැති බවද ඔවූහු සඳහන් කරති.

ෆේස්බුක් වයිබර් ඉමෝ වැනි සන්නිවේදන සේවා තාවකාලිකව නවතා දැමූ අවස්තාවේ දී එම තහනම ඉවත් කරගැනීමට මානව හිමිකම් කොමිසමට හා ජාත්‍යන්තර සංවිධානවලටද පැමිණිලි කිරීමට පිරිස් ඉදිරිපත් වුවද රටේ වැදගත්ම ස්ථාන වසා දමා තිබියදී එය විවෘත කරගැනීම සදහා මෙතෙක් කිසිවෙකුත් ඉදිරිපත් වී නොමාති බවද ඔවූහු සඳහන් කරති.

මේ අතර පෙබරවාරි 28 වැනිදා ඇරඹි වර්ජනයට මෙතෙක් විසදුම් ලබා නොදීමට එරෙහිව විෂ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල කළුකොඩි ඔසවා තබන බව විෂ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සඳහන් කරයි.

මීට අමතරව ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම සදහා අද (02) සවස වෘත්තීය සමිති ඒකාබද්ද කමිටුවේ නියෝජිතයන් රැස්වෙන බවද වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn