සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේදී එයට විරුද්ධව ඡන්දය ලබා දී ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු පමණක් වීම විශේෂත්වයකි.
ඒ අනුව එම පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්ද 51කින් පාර්ලිමේන්තුවේ දී අද (23) සම්මත විය.
පනතට පක්ෂව ඡන්ද 53ක් ලැබී ඇති අතර විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද දෙකක් පමණි.
මෙම පනත් කෙටුම්පතට අදාළව පළමුවර පැවති ඡන්ද විමසීමේදී පනතට පක්ෂය ඡන්ද 51ද විරුද්ධව ඡන්ද 33ක්ද ලැබී තිබිණි. කෙසේ නමුත් එහිදී ඇතිවූ තාක්ෂණක දෝෂයක් මුල් කරගෙන මහින්ද පිලේ මන්ත්‍රීවරු සභාගැබට පැමිණ ඝෝෂාකාරී ලෙස කටයුතු කිරිමින් අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කිරිම හේතුවෙන් පාර්ලිමේන්තුව කල් තබා පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට කතා නායක කරූ ජයසූරිය මහතා කටයුතු කරනු ලැබීය.
එහිදී පැමිණි එකඟතාවයන් අනුව පළමු ඡන්ද විමසීම අහෝසි කර යලි ඡන්ද විමසීමක් පැවැත්වූ අතර එයට විරෝධය දක්වා මහින්ද පිලේ මන්ත්‍රීවරු සියලුම දෙනා සභාගැබෙන් පිටව යන ලදී.










