මංගලගේ ඇඟිල්ල SBගේ නම ඉදිරියේ – මහින්ද පිල යකා නටයි – විනාඩි 10කට සභාව අත්හිටුවයි

මංගලගේ ඇඟිල්ල SBගේ නම ඉදිරියේ – මහින්ද පිල යකා නටයි – විනාඩි 10කට සභාව අත්හිටුවයි

මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ පැවති සක්‍රීය බැරකම් කලමණාකරණය කිරීමේ පනත් කෙටුම්පතට අදාළ ඡන්ද විමසීමේදී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ඡන්දය අමාත්‍ය එස්.බී දිසානායක මහතාගේ නම ඉදිරියේ සටහන් වී තිබීමත් සමග මහින්ද පිලේ මන්ත්‍රීවරු හොර ඡන්දයක් යැයි කෑකෝ ගසමින් සභාව මැදට පැමිණ කෝලහල කිරීමත් සමග කතානාක කරූ ජයසූරිය මහතා විසින් පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තබා පක්ෂ නායක රැස්වීමක් කැඳවන ලදී.

කෙසේ නමුත් එම සිදුවීම තාක්ෂණික දෝෂයක් බව කතානායක කරූ ජයසූරිය මහතා සඳහන් කර සිටියද මහින්ද පිලේ මන්ත්‍රීවරු දිගින් දිගටම සභාවේ කටයුතුවලට භාදා කරන ලදී.

Facebook
Twitter
LinkedIn