මීගමුව මහ නගර සභාවට නගරාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සදහා අද (23) සභාවේ මන්ත‍්‍රීවරුන් අතර පැවති ඡන්ද විමසීමේදී මෛත්‍රීපාල සිරිසේන මහාගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ඇතිව එහි නගරාධිපතිවරයා මහින්ද පිලෙන පත් කර ඇත.
එම ඡන්ද විමසීමේදි මහින්ද පිලෙ සහ මෛත්‍රී පිලේ ඡන්ද 25ක් ලබා ගනිමින් දයාන් ලංසා මහතා නගරාධිපති ලෙස තේරී පත් වී තිබේ.
එහිදී මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මොහොමඩ් ෆරීස් මහතාව තෝරාගෙන ඇත.
එම ඡන්ද විමසීමේදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රොයිස් ප්‍රනාන්දු මහතාට හිමව ඇත්තේ ඡන්ද ප‍්‍රමාණය 19ක් පමණි.
එහිදී මහින්ද පිලේ මන්ත්‍රී දයාන් ලංසා මහතාට පක්ෂව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 05 දෙනෙකුත් මහින්ද පිලේ මන්ත්‍රීවරු 16 දෙනාත් ස්වාධීන මන්ත්‍රීවරු 04 දෙනාත් ඡන්දය ලබා දී ඇත.
එමෙන්ම රොයිස් ප්‍රනාන්දු මහතාට පක්ෂව ඡන්දය ලබා දී ඇත්තේ මෛත්‍රී පිලේ එක් මන්ත්‍රීවරයෙකුත් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු 18 දෙනෙකුත් පමණි.
මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු තිදෙනා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිට තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ එක් මන්ත්‍රීවරයෙකු අද සභාවට පැමිණ සිට නැත.
මීගමුව නගර සභාවේ සංයුතිය මෙසේය…
එකසත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු 19යි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරු 16යි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 06යි.
ස්වාධීන මන්ත්‍රීවරු 04යි.
ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු 03යි.










