ගාල්ල මහ නගර සභාවේ බලය මහින්ද පිල සහ එක්සත් ජාතික පක්ෂය එක්ව පිහිටුවාගැනීමට මීට සුළු මොහොතකට පෙර කටයුතු කර තිබේ.
ඒ අද (23) නගරාධිපතිවරයා සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා තෝරා ගැනීමේ අවස්ථාවේදීය.
ඒ අනුව නගරාධිපතිවරයා තෝරාපත්කරගැනීම පළමුව පැවති අතර එහිදී මහින්ද පිල රහස් ඡන්දයක් අවශ්‍ය බව ප්‍රකාශ කර තිබේ. කෙසේ නමුත් එහිදී එක්සත් ජාතික පක්ෂය යෝජනා කර ඇත්තේ විවෘත ඡන්දයක් පැවැත්විය යුතු බවයි.
කෙසේ නමුත් එම මත බේදීම අනුව නගරාධිපතිවරයා තොරාගත යුත්තේ රහස් ඡන්දයකින්ද විවෘත ඡන්දයකින්ද යන්න තීරණය කිරීම සඳහා ඡන්දයක් පැවැත්වීමට දකුණු පළාතේ පළාත් පාලන කොමසාරිස්වරයා කළ තීරණය අනුව පැවති ඡන්ද විමසීමේදී රහස් ඡන්දයක් පැවැත්විය යුතු යැයි කියමින් මුලු මන්ත්‍රී වරු 35 දෙනාගෙන් මන්ත්‍රීවරු 20ක් ඡන්දය ලබා දී ඇත. විවෘත ඡන්දයක් පැවැත්විය යුතු යැයි කියමින් මන්ත්‍රීවරු 11 දෙනෙකු ඡන්දය ලබා දී තිබේ.
එහිදී මන්ත්‍රීවරු 04 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරිමෙන් වැලකී සිට ඇත.
මෙසේ රහස් ඡන්දයක් අවශ්‍ය බව පැවසූ මන්ත්‍රීවරු 20 දෙනා අතරින් 13 දෙනෙකු මහින්ද පිලේ මන්ත්‍රීවරු වන අතර ඉතිරි 07 දෙනා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්වීම විශේෂත්වකි.
එහිදී විරුධවූ මන්ත්‍රී වරු 11 දෙනා අතර 07 දෙනෙකු එජාපයේ වන අතර ශ්‍රීලනිප මන්ත්‍රීවරු තිදෙනාත් ස්වාධීන එක් මන්ත්‍රීවරයෙකුත් සිටිති.
ඡන්ය ලබාදීමෙන් වැලකී සිටි මන්ත්‍රීවරු වන්නේ ජවිපෙ මන්ත්‍රීවරු තිදෙනා සහ ස්වාධීන එක් මන්ත්‍රීවරයෙකි.
එම ප්‍රතිඵල අනුව පැවති රහස් ඡන්දයේදී නගරාධිපතිවරයා ලෙස මහින්ද පිලේ මන්ත්‍රී ප්‍රියන්ත ගොඩගම සහබන්දු මහතා තේරී පත්ව ඇත. ඔහුට පක්ෂව ඡන්ද 20ක් ලැබී ඇති අතර ඔහුට විරුද්ධව ඡන්ද 11ක් ලැබී ඇත. එහිදීද මන්ත්‍රීවරු සිව් දෙනෙකු ඡන්දය ලබාදීමෙන් වැලකී තිබේ.
මෙහිදී සිදු වී ඇති තවත් විශේෂිතම සිදුවීමක් වන්නේ නගරාධිපතිවරයා ලෙස තේරීපත්වූ ප්‍රියන්ත ගොඩගම සහබන්දු මහතා විසින් එහි උපනගරාධිපතිවරයා ලෙස එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ෆවුසුල් නියාස්ම හතාගේ නම යෝජනා කිරීමෙන් පසු ස්ථීර කිරීමයි.
ඒ අනුව ගාල්ල මහ නගර සභාවේ බලය මහින්ද පිලත් එක්සත් ජාතික පක්ෂයත් එක්ක පිහිටුවාගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ගාල්ල මහ නගරසභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු සඳහන් කරන්නේ මෙය එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායමත් මහින්ද පිලේ මන්ත්‍රී කණ්ඩායමත් අතර මුල සිටම පැවති එකඟතාවයක් අනුව සිදු කළ සැලසුම් ගහගත ක්‍රියාවක් බවයි.
ගාල්ල මහා නගර සභාවේ සංයුතිය අනුව එක්සත් ජාතික පක්ෂයට පැහැදිලිවම එහි බලය පිහිටුවීමට වැඩි ඉඩක් තිබූ නමුත් එය එක්සත් ජාතික පක්ෂයත් මහින්ද පිලත් අතර ඇතිවූ එකඟතාවයක් මත මෙසේ මහින්ද පිලට නගරාධිපති ධුරයත් එක්සත් ජාතික පක්ෂයට නියෝජ්‍ය නගරාධිපති ධුරයත් ලබා ගනිමින් මහින්ද පිලත් එජාපයත් හවුල් ආණ්ඩුවක් පිහිටුවා ඇති බව පෙනී යන්නේ යැයි දේශපාලන විචාරකයෝ සඳහන් කරති.
ගාල්ල මහා නගර සභාවේ සංයුතිය මෙසේය
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු 14යි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මන්ත්‍රී වරු 13යි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මන්ත්‍රී වරු 03යි.
ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු 03යි.
එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරු 01යි.
ස්වාධීන මන්ත්‍රීවරැ 01යි.









