තම රටේ කාන්තාවන්ට හිජාබය හෝ බුර්කාව පැළඳීම අවශ්‍යම නොවන බවත්, ඉස්ලාමීය භක්තිය සඳහා සංඛේතවත් වන යහපත් සහ ගෞරවණීය ඇඳුමක් ඇඳීම පමණක් ප්‍රමාණවත් බවත් සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු පවසා තිබේ.
මොහොමඩ් බින් සල්මාන් කුමරු බලයට පැමිණීමත් සමගම සෞදියේ ස්ත්‍රී අයිතීන් පුළුල් වී තිබෙන අතර කාන්තාවන්ට රියදුරු බලපත්‍ර ලබාගැනීමටත් කාන්තාවන්ට මෝටර් රථ ධාවන තරඟ සඳහා සහභාගී වීමටත් මේ වනවිට ඉඩ සැලසී ඇත.
එමෙන්ම ඔවුන්ට ක්‍රීඩා තරඟ නැරඹීමේ නිදහසද මේ වනවිට ලබා දී තිබේ.
“නීතිරීත ඉතා පැහැදිලය. ෂරියා නීතියේ සඳහන් කර ඇති පරිදි පුරුෂයින් මෙන්ම කාන්තාවන්ද ගෞරවනීය ඇඳුම් ආයිත්තම් පැළඳය යුතුයි. නමුත් මෙහි විශේෂයෙන් කළු අබායා හෝ කළු හිස ආවරණයක් (බුර්කාව) පිළිබඳව විශේෂයෙන් සඳහන් කරලා නැහැ. කාන්තාවන් තමන්ට ගැලපෙන ඇඳුම් කුමක්ද කියා සිතා එය ඇඳීමට සම්පූර්ණ අයිතිය තිබෙනවා” යනුවෙන් CBS රූපවාහිනිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මොහොමඩ් බින් සල්මාන් කුමරු ප්‍රකාශ කර ඇත.
මේ අතර 08වනදා ලෝක කාන්තා දිනය සමරමින් සෞදියේ ජෙඩා නගරයේදී කාන්තාවන් පිරිසක් තමන්ට අලුතින් ලැබුණු නිදහස සමරමින් ක්‍රීඩාවන්හි යෙදෙමින් එළිමහනේ ව්‍යායාම් කරමින් සිටින අයුරු දැක ගන්නට ලැබුණු බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
කෙසේ නමුත් සෞදියේ ඔටුන්න හිමි කුමරු පවසා සිටින්නේ 2030 වර්ෂය වනවිට තම රටේ උසස් ස්ථානයන්හි කාන්තාවන් සිටිනු දැකීම තම අපේක්ෂාව බව බවත් ඒ සඳහා වන බාධාවන් ඉවත් කරමින් ඔවුන්ට නිසි ගෞරවය ලැබෙන පරිදි ඉදිරියට ඒමට අවශ්‍ය පරිසරය සකස් කිරීම තම අරමුණ බවත් ය.













