හලාවත මහ රෝහල තුළ දී ජනතාව එකරාශී කර ඡන්ද පත්‍රිකා බෙදා හරිමින් සිටි බවට චෝදනා නගමින් හලාවත පොලිසිය පවරා තිබූ නඩුවෙන් එවකට පුත්තලම දිස්ත්‍රික් ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම් නායක ලෙස කටයුතු කළ සමන්ත කෝරලේආරච්චි මහතා සහ සමස්ත ලංකා සුව සේවා සංගමයේ භාණ්ඩාගාරික රන් මැණිකේ බටගොඩ මහත්මිය නිදොස් කොට නිදහස් කිරීමට හලාවත ප්‍රධාන මහෙස්ත්‍රාත් සමන් රත්නායක මහතා (22 ) නියෝග කර ඇත
එසේ නිදොස් කොට නිදහස් කළේ එවකට 2015 මහ මැතිවර්ණය වෙනුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයට ජනතා විමුක්ති පෙරමුණින් තරග වැදුණු පුත්තලම දිස්ත්‍රික් කණ්ඩායම් නායක ලෙස සිටි සහ සමස්ත ලංකා සුව සේවා සංගමයේ සභාපති ලෙස කටයුතු කළ සමන්ත කොරලේ ආරච්චි මහතා සහ එම සංගමයේ භාණ්ඩාගාරික වරියයි.
2015 ජුනි 30 දින දහවල් හලාවත මහ රෝහල් භුමිය තුළ දි ජනතාව රැස් කරමින් මහ මැතිවර්ණය පැවති කාල සිමාවේදි ඡන්ද පත්‍රිකා බෙදා හරිමින් සිටින බවට හලාවත මුලස්ථාන පොලිසියට ලැබුන තොරතුරක් මත රෝහල් භුමිය තුළදි ඔවුන් අත්අඩංගුවට ගත්තේයැයි පොලිසිය ඒ දිනවල කීවේය.
ඔවුන්ට එරේහිව බලහත්කාරයෙන් ඇතුළු විම සහ අයුතු ජනරාශිය යන චෝදනා නගා තිබිණි.
නමුත් මෙහිදි සමන්ත කොරලේ අරච්චි මහතා සහ රන් මැණිකේ බටගොඩ මහත්මිය හලාවත මහ රෝහලට ගියේ රෝහල් අධ්‍යක්ෂ දැනුම්වත් කරමින් රෝහලේ පැවති සේවක ප්‍රශ්න සාසාකච්ඡා කිරීමට බව විත්තිය වෙනුවෙන් පෙනි සිටි නිතිඥ පාලිත විජේසිංහ සහ රුවන් චමින්ද ප්‍රනාන්දු මහත්වරු අධිකරණයේ කරුණු තහවුරු කමින් ප්‍රකාශ කර ඇත.
ඒ අනුව කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සමන්ත කොරලේ අරච්චි මහතා සහ රන් මැණිකේ බටගොඩ මහත්මිය අදාළ නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමට කටයුතු කර තිබේ.
මෙලෙස නීතිවිරෝධී ලෙස තමන්ව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම තුළින් තම මානව හිමිකම් උල්ලංඝණය වී ඇති බව පවසමින් සමන්ත කෝරලේආරච්චි මහතා විසින් හලාවත රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දිනූෂා ප්‍රනාන්දු, හලාවත පොලිසියේ උප පොලිස් පරික්ෂකවරයෙකු ඇතුළු නිලධාරින් දෙදෙනෙකු වගඋත්තරකරුවන් කරමින් 2015 වසරේ අගෝස්තු 03වනදා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.









