නඩු විභාගය වේගවත් කිරීමේ අධිකරණයට එරෙහි මහින්ද පිලේ පෙත්සම් පිළිබඳ තීන්දුව කතානායකට

නඩු විභාගය වේගවත් කිරීමේ අරමුණෙන් ත්‍රිපුද්ගල මහාධිකරණයක් පිහිටුවීමේ විධි විධාන ඇතුළත් අධිකරණ සංවිධාන පනත් කෙටුම්පතට එරෙහිව මහින්ද පිලේ කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධ මහතා ඇතු පිරිසක් ඉදිරිපත් කළ පෙත්සම් 07 පිළිබඳ තීන්දුව ඉදිරියේදී පාර්ලිමේන්තු කතානායකවරයාට යොමු කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) ප්‍රකාශයට පත් කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය මේ බව ප්‍රකාශයට පත් කර ඇත්තේ මහින්ද පිලේ දිනේෂ් ගුණවර්ධන, ජී.එල්.පීරිස් ඇතුළු හත් දෙනෙකු ගොනු කර තිබූ පෙත්සම් සම්බන්ධයෙන් විභාගය අවසන් කරමිනි.

මෙම පෙත්සම් සහ අතරමැදි පෙත්සම් පිළිබඳ ලිඛිත දේශන ලබන මස 26 වැනි දින ගොනු කරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.

මෙම පෙත්සම් අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, බුවනෙක අළුවිහාරේ සහ නලින් පෙරේරා යන මහත්වරුන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනසුරු මඩුල්ලක් හමුවේ කැඳැවිණි.

Facebook
Twitter
LinkedIn