හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපල පනත යටතේ පරීක්‍ෂණ පැවැත්වීමෙන් හා ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමෙන් වලකින ලෙස පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ලබා දී තිබූ අතුරු නියෝගය ලබන 27 දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (22) තීන්දු කර තිබේ.
වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීමේදී රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිත කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඔහු චෝදනා ලැබ සිටියි.
හිටපු ආරක්ෂක ලේකම්වරයා ගොනු කළ මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන් හමුවේ කැදවනු ලැබීය.
මෙහි වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පති පුජිත ජයසුන්දර මහතා, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ශානී අබේසේකර මහතා ඇතුළු පස් දෙනෙකු නම් කොට ඇත.
අදාළ පෙත්සම ලබන 26 වැනිදා යළි කැදවීමට නියමිතය.
4









